ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමෙන් පසු, ඉදිරියට යා යුතු මග සොයා ගැනීම ඇතැම් විට අපහසු විය හැකියි. ඔබට කතා කිරීමට කෙනෙකු, විශ්වාසදායක තොරතුරු, ප්‍රායෝගික සහාය හෝ ඔබේ හැඟීම් තේරුම් ගැනීමට කාලය සහ අවකාශය අවශ්‍ය විය හැකියි. ඇතැම් විට, ඔබට අවශ්‍ය කුමක්දැයි සිතා ගැනීමට පවා අපහසු විය හැකියි.
SafeHerSpace නිර්මාණය කළේ සහාය සොයා ගැනීම ඔබ තනිවම දරාගත යුතු තවත් බරක් නොවිය යුතු නිසයි. ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් අයටත්, ඔවුන්ට සහාය වීමට කැමති අයටත් විශ්වාසදායක තොරතුරු සහ ලබාගත හැකි සහාය සේවා සොයා ගැනීමට අපි අවකාශයක් සලසනවා.
සුවපත් වීමට එකම මඟක් නැහැ. ඔබට අවශ්‍ය දේ සොයා ගන්න, ඔබට පහසු වේගයකින් ඉදිරියට යන්න, ඔබට සුදුසු යැයි හැඟෙන තැනින් ආරම්භ කරන්න. ඔබේ ගමනට අවශ්‍ය සහාය සොයා ගැනීමට SafeHerSpace මෙහි තිබෙනවා.
ගිණුමක් අවශ්‍ය නැහැ. නිර්නාමිකව සොයා බලන්න.