SafeHerSpace ගැන
සුවය ලැබීම සඳහා මාර්ගෝපදේශයක් අවශ්‍යයි, හුදෙක් ප්‍රතිචාරයක් පමණක් නොවේ.
ශ්‍රී ලංකාවේ ලිංගික සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් පුද්ගලයන් සඳහා අර්බුද අවස්ථාවලදී ලබාගත හැකි සහය සහ නීතිමය ආරක්ෂාවන් පවතී. එහෙත්, දිගුකාලීනව සුවය ලැබීමේ අවශ්‍ය සහය සොයා ගැනීම බොහෝවිට වඩාත් අපහසුය. එම සහය විවිධ ආයතන හා සංවිධාන අතර විසිරී ඇති අතර, සරල සහ පහසුවෙන් ඉදිරිපත් කර ඇති තොරතුරු ද සීමිතය. SafeHerSpace හි අරමුණ වන්නේ දිගුකාලීන සුවය සහ සහය සම්බන්ධ විශ්වසනීය තොරතුරු සොයා ගැනීම පහසු කිරීමයි. මේ සඳහා අවශ්‍ය තොරතුරු, පෞද්ගලිකත්වය සුරකින ස්ථානයකින් ලබාගත හැකි ලෙස අපි ඒවා සකස් කරමු.
මේ සම්පත ගොඩනගන ආකාරය
මෙම ව්‍යාපෘතිය තවමත් සංවර්ධනය වෙමින් පවතින බැවින්, මෙම මූලාකෘතිය එහි බලපෑම හෝ ලඟා වීම පිළිබඳ කිසිදු ප්‍රකාශයක් සිදු නොකරයි. ඔබ මෙහි දකින දේ මගින් අපේක්ෂිත අත්දැකීම පමණක් නිරූපණය කරයි. මෙහි ඇතුළත් වන අන්තර්ගතය පහත දැක්වෙන ක්‍රියාවලිය හරහා පර්යේෂණය කර, සොයාගෙන සහ තහවුරු කර ගනු ඇත.
පර්යේෂණ සහ උපදේශන මත ගොඩනගන ලද සම්පත
සජීවී සම්පතට ඇතුළත් කරන සෑම තොරතුරු කෑල්ලක්ම පළ කිරීමට පෙර මෙම ක්‍රියාවලිය හරහා ගමන් කරනු ඇත.
පළමු අදියර
-
පර්යේෂණය
දිගුකාලීන සුවය ලැබීම සඳහා සැබවින්ම අවශ්‍ය සහය කුමක්දැයි හඳුනා ගැනීම සඳහා, ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවාගත් පුද්ගලයන්, උපදේශකයන්, නීති ආධාර සපයන්නන් සහ කාන්තා සංවිධාන සමග සම්මුඛ සාකච්ඡා සහ කණ්ඩායම් සාකච්ඡා පවත්වමු.
-
සේවා සිතියම්ගත කිරීම
ශ්‍රී ලංකාව පුරා සපයන මානසික සෞඛ්‍ය, නීතිමය, සමාජීය සහ ප්‍රජා සේවා හඳුනා ගැනීම. ඒවායේ ආවරණය, ලබාගත හැකි භාෂා, ප්‍රවේශ විය හැකි ආකාර සහ ඒවා සේවාවකින් තවත් සේවාවකට යොමු කිරීමේ ක්‍රමවේද හඳුනා ගැනීම.
-
සම්පත් සංවර්ධනය
පර්යේෂණයෙන් හෙළිවන තොරතුරු, සරල හා පහසුවෙන් තේරුම්ගත හැකි වූ මාර්ගෝපදේශ, අධ්‍යාපනික අන්තර්ගත සහ සොයාගත හැකි ලෙස, ක්‍රමවත් සේවා නාමාවලියක් බවට පත් කිරීම.
දෙවන අදියර
-
සමාලෝචනය
සකස් කරන ලද අන්තර්ගත සහ සේවා පිළිබඳ තොරතුරු, එම තොරතුරුවල සඳහන් වෘත්තිකයන් සහ සංවිධාන සමග පරීක්ෂා කර සමාලෝචනය කිරීම.
-
සත්‍යාපනය
මෙම සම්පත ආරක්ෂිත, පහසුවෙන් තේරුම් ගත හැකි සහ සැබවින්ම ප්‍රයෝජනවත් බව තහවුරු කිරීම සඳහා, ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවාගත් පුද්ගලයන් සහ මුල් පෙළ සහය ලබාදෙන පාර්ශවයන් සමග එය පරීක්ෂා කිරීම.
-
බෙදාහැරීම
දිවි ගලවාගත් පුද්ගලයන් දැනටමත් විශ්වාස කරන ජාල හරහා අවසන් සම්පත බෙදාහැරීම - රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල, උපදේශකයන් සහ ප්‍රජා සංවිධාන හරහා.
දායකයන්
දායක වූ අය
SafeHerSpace ගොඩනගන්නේ කුඩා කණ්ඩායමකි. ව්‍යාපෘතිය ජීවමාන කළ අය මොවුන් ය.
-
Nadithi Jagoda
නිර්මාතෘ සහ ව්‍යාපෘති ප්‍රධානී (Founder & Project Lead)
ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් වූවන්ගේ දිගුකාලීන සුවය සඳහා සහාය වන භාෂා කිහිපයකින් තොරතුරු ලබාගත හැකි වේදිකාවක් ලෙස SafeHerSpace ආරම්භ කර එහි නායකත්වය දැරීමට මම කටයුතු කළෙමි. Equality Now සහ SAMAJ සමඟ ක්‍රියාත්මක YouthForSAMAJ Fellowship වැඩසටහනේ සාමාජිකාවක ලෙස, ව්‍යාපෘතියේ සංකල්පය නිර්මාණය කිරීමේ සිට පර්යේෂණ, වෙබ් අඩවි සංවර්ධනය, අදාළ පාර්ශ්වයන් සමඟ සම්බන්ධීකරණය සහ සමස්ත මෙහෙයවීම දක්වා වූ කටයුතු මම අධීක්ෂණය කළෙමි.
එමෙන්ම, අදාළ සංවිධාන, සේවා සපයන්නන් සහ වෘත්තිකයන් සමඟ සාකච්ඡා පැවැත්වීම, පවතින සහාය සේවා සහ ඒවායේ අඩුපාඩු හඳුනාගැනීම, විශ්වාසදායක සම්පත් තහවුරු කිරීම සහ භාෂා කිහිපයකින් අන්තර්ගතය සකස් කිරීම ද මගේ කාර්යභාරයට ඇතුළත් විය. මෙම කටයුතුවල අරමුණ වන්නේ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් වූවන්ට විශ්වාසදායක තොරතුරු සහ අවශ්‍ය සහාය සේවා පහසුවෙන් සොයාගැනීමට හැකි කිරීමයි.
-
Asma Muzammil
WiT ප්‍රජාවේ නිර්මාතෘ සහ ව්‍යාපෘති ප්‍රධානී
අපගේ ප්‍රජාවේ සාමාජිකයන්ට තම කුසලතා ප්‍රායෝගිකව අත්හදා බැලීමටත්, තම වෘත්තීය හැකියාවන් ප්‍රදර්ශනය කළ හැකි ව්‍යාපෘතියක් තම Portfolio එකට එක් කර ගැනීමටත් මෙම අවස්ථාව ලබා දීමට මට හැකි විය. එමෙන්ම, ව්‍යාපෘතියේ කටයුතු නිසි පරිදි ඉදිරියට ගෙන යාමටත්, SafeHerSpace නිර්මාතෘවරියගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් සපුරාලීමටත්, ව්‍යාපෘති කටයුතු භාරදීමේදී ඇති වූ අභියෝග සහ සන්නිවේදන ගැටලු සම්බන්ධීකරණය කර විසඳීමට මම සහාය වුණෙමි.
-
Rushma Najeeb
වෙබ් අඩවි සංවර්ධක (Developer)
ව්‍යාපෘතියේ දැක්ම සැබෑ වෙබ් අඩවියක් බවට පත් කරමින්, භාෂා තුනකින් සමන්විත WordPress වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට මට හැකි විය. එමෙන්ම, වෙබ් අඩවිය දේශීය සංවර්ධන පරිසරයේ සිට සජීවීව ක්‍රියාත්මක වන සත්කාරක සේවාදායකයක් වෙත ගෙන යාම දක්වා වූ කටයුතු සිදු කළෙමි. වෙබ් අඩවියේ සත්කාරක සේවා (Hosting), වසම් නාමය (Domain) සහ වෙබ් අඩවිය නව පරිසරයට සංක්‍රමණය කිරීම (Migration) ඇතුළු තාක්ෂණික කටයුතු සියල්ල මා විසින් කළමනාකරණය කරන ලද අතර, එමඟින් කණ්ඩායමට සහ නිර්මාතෘවරියට අන්තර්ගතය සකස් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට හැකි විය.
-
Shimla Faizer
ව්‍යාපෘති කළමනාකාරිනිය සහ සමාජ මාධ්‍ය කළමනාකාරිනිය
ව්‍යාපෘතිය සැලසුම් කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා වූ සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින්, කාර්යයන්, කාලසීමාවන් සහ කණ්ඩායම අතර සන්නිවේදනය නිසි පරිදි පවත්වාගෙන යාමට මම දායක වුණෙමි. එමෙන්ම, සමාජ මාධ්‍ය කටයුතු කළමනාකරණය කිරීම, පළ කිරීම් සම්බන්ධීකරණය කිරීම සහ විවිධ සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ව්‍යාපෘතියේ අරමුණ හා පණිවිඩය පැහැදිලිව සහ එකම ආකාරයකින් ප්‍රේක්ෂකයන් වෙත සන්නිවේදනය වන බව සහතික කිරීමට ද මම කටයුතු කළෙමි.
-
Nimesha Warnakulasooriya
SEO සහ අන්තර්ගත ලේඛනය (SEO & Content Writing)
SafeHerSpace වෙබ් අඩවියේ සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය (SEO) සහ අන්තර්ගතය වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා මම දායක වුණෙමි. ඒ අතරට මූල පද පර්යේෂණය (Keyword Research), වෙබ් පිටුව තුළ සිදු කරන SEO ප්‍රශස්තකරණය (On-page SEO) සහ වෙබ් අඩවියේ අන්තර්ගතය වඩාත් පහසුවෙන් සොයාගත හැකි හා කියවීමට පහසු වන පරිදි වැඩිදියුණු කිරීම ඇතුළත් විය. එමෙන්ම, වෙබ් අඩවියේ අන්තර්ගතය පැහැදිලි, අදාළ සහ පාඨකයන්ට පහසුවෙන් සමීප විය හැකි ආකාරයෙන් සකස් කිරීමටත්, ඉලක්කගත ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන බව සහතික කිරීමටත් මම කටයුතු කළෙමි.
-
Rahma Munsir
සමාජ මාධ්‍ය කළමනාකාරිනිය සහ සන්නාමකරණය (Social Media Manager & Branding)
SafeHerSpace ව්‍යාපෘතියේ සන්නාම අනන්‍යතාවයට (Brand Identity) ගැළපෙන සමාජ මාධ්‍ය ග්‍රැෆික් නිර්මාණය කරමින්, එහි සන්නාමකරණය සහ දෘශ්‍ය අන්තර්ගතය (Visual Content) සංවර්ධනය කිරීමට මම දායක වුණෙමි. එමෙන්ම, ව්‍යාපෘතියේ වටිනාකම් සහ අරමුණ මැනවින් පිළිබිඹු වන අන්තර්ගතයන් නිර්මාණය කිරීමට සහ වැඩිදියුණු කිරීමට සහාය වෙමින්, SafeHerSpace හි සමාජ මාධ්‍ය පැවැත්ම ශක්තිමත් කිරීම සඳහා ද මම කටයුතු කරමි.